ක්‍රියා පටිපාටිය
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කරන ලද මාර්ග කැණීම සඳහා වන ඉල්ලීම් ලිපිය ඕනෑම වැඩ කරන දිනයක පෙ.ව. 8.30 - ප.ව. 4.15 අතර මාර්ග සංවර්ධන අධිකාරියෙහි ළඟම ඇති විධායක ඉංජිනේරු කාර්යාලය වෙත යොමු කළ යුතුය. සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ස්ථාපිත කිරීමට අවශ්‍ය මාර්ගයේ නම, ස්ථාන සහ කැණීම් ප්‍රමාණය පිළිබඳ විස්තර මෙම ලිපියේ අඩංගු විය යුතුය.
කළ යුතු ගෙවීම්:
යෝජිත කැණීම හේතුවෙන් සිදු වූ හානිය නැවත ස්ථාපිත කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද ඇස්තමේන්තුගත පිරිවැය අවසරය ලබා දීමට පෙර මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ගෙවිය යුතුය. මාර්ගය කැණීමෙන් සිදුවන හානිය අනුව මෙම පිරිවැය වෙනස් වේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් නිකුත් කරන ලද ඉල්ලීම් ලිපිය ලැබුණු දින සිට සතියක් ඇතුළත අවසරය ලබා දෙනු ඇත. තාර (කාපට්) මාර්ග හරහා කිසිදු මාර්ගයක් හරස් කිරීම සඳහා අවසර ලබා නොදේ.