Phone: +94 11 2 046200 Email: 1968@rda.gov.lk

 

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ මේ දක්වා පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය 2025 දෙසැම්බර් මස 22 වන දින දහවල් 12.00 සිට වෙනස් කිරීමට සැළසුම් කර ඇත.

  1. සීදූව සහ පෑලියගොඩ අන්තර්හුවමාරු ස්ථාන මගින් ප්‍රවේශ වන වාහන සඳහා කෙරවලපිටිය අන්තර්හුවමාරුව (KIC I) මගින් ප්‍රවේශ පත්‍ර ලබා දීමක් සිදු නොකෙරේ. ඒ වෙනුවට කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමේදී සීදූව සහ පෑලියගොඩ අන්තර්හුවමාරු ස්ථාන මගින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
  1. පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහන කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමේදී, කෙරවලපිටිය අන්තර්හුවමාරුවෙන් පිටවීමේ රිසිට් පත සහ නැවත නිකුත් කරනු ලබන ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද අහෝසි කරනු ලබන අතර කෙරවලපිටිය හුවමාරුවෙන් (KIC II) පිටවන වාහන සඳහා පමණක් පිටවීමේ රිසිට් පත් නිකුත් කිරීම පෙර පරිදිම සිදු කරනු ලැබේ.

ඒ් අනුව,

  1. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමේදී සීදූව සහ පෑලියගොඩ අන්තර්හුවමාරු ස්ථාන මගින් ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතු වේ.
  1. පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහන කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළුවීමේදී ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමකින් තොරව පිවිසිය හැකි වන අතර කෙරවලපිටිය අන්තර්හුවමාරුවෙන් පිටවන වාහන සඳහා පිටවීමේ ගාස්තු ගෙවා අධිවේගී මාර්ගයෙන් පිටවිය හැක.
  1. ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී පමණක් එම පහසුකම ලබා ගත හැකි අතර ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහන පිටත වටරවුම් මාර්ගයට ඇතුල්වීමේදී ගාස්තු ගෙවා යන මංතීරු වලින් ඇතුල්වීමට කටයුතු කල යුතුය.

 

 Related  Gazzette: THE NATIONAL THOROUGHFARES ACT, No. 40 OF 2008

REGULATIONS made by the Minister of Transport, Highways and Urban Development under section 89(2)(C) of the National Thoroughfares Act, No. 40 of 2008 read with sections 13 and 14 of the aforesaid Act. (No. 2467/49 - WEDNESDAY, DECEMBER 17, 2025)

English Version

Sinhala Version