මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග රක්ෂිතය තුළ අනවසර ප්‍රදර්ශන පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) විෂය පථය යටතේ ඇති මාර්ග රක්ෂිත තුළ පුවරු, බැනර් හෝ වෙළඳ දැන්වීම් ව්‍යුහයන් ඉදිකර ඇති සියලුම පුද්ගලයින්ට මෙයින් දැනුම් දෙනු ලබන්නේ, සියලුම අනුමත පුවරුවල මාර්ග සංවර්ධන අධිකාරියේ බලපත්‍ර ස්ටිකරය ප්‍රදර්ශනය කළ යුතු බවයි. බලපත්‍ර ස්ටිකරය නොමැතිව ප්‍රදර්ශනය කර ඇති ඕනෑම පුවරුවක් අනවසර පුවරු ලෙස සලකනු ලැබේ. ගාස්තු ගෙවීම දැනටමත් සිදු කර ඇත්නම්, අදාළ හිමිකරුවන් වහාම බලපත්‍ර ස්ටිකරය ලබාගෙන අදාල පුවරුවේ ඇලවිය යුතුය. බලපත්‍ර ස්ටිකර් නොමැති සියලුම පුවරු 2026.04.15 දිනෙන් පසු පූර්ව දැනුම්දීමකින් තොරව ඉවත් කරනු ලැබේ. විධිමත් කිරීම හා අවශ්‍ය වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර දුරකථන අංක 011-2862445 හරහා කළමනාකරණ සහකාර එම්. ප්‍රභාත් රාමසිංහ මහතා හෝ මාර්ග සංවර්ධන අධිකාරියේ අදාළ විධායක ඉංජිනේරු මහතා/ මහත්මිය ඇමතිය හැකිය. ඒකක ප්‍රධානී, වත්කම් කළමනාකරණ හා ආදායම් අංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, “මගනැඟුම මහමැදුර’’, අංක 216, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල. ඉහත දැනුම්දීම භාෂා ත්‍රිත්වයෙන්ම |The above notice in all three languages.
දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරනු ලබන මහජනතාව වෙත දැනුම් දීමයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට දොඩන්ගොඩ අන්තර්හුවමාරු අතර අධිවේගී මාර්ග කොටසෙහි මාර්ග ප්‍රතිසංස්කරණ හා අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2026 පෙබරවාරි මස 18 වන දින සිට ආරම්භ කිරීමට නියමිතය. එදින සිට වරින් වර මංතීරු කොටස් (ගැලනිගම සහ දොඩන්ගොඩ අතර) තාවකාලිකව වසා දැමීමට සිදුවන අතර ඒ හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතයේදී සිදුවන අපහසුතාව පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරමු. අධිවේගී මාර්ග වත්කම් ඉහළ නැංවීමේ හා වැඩිදියුණු කිරීමේ අංශය. මාර්ග සංවර්ධන අධිකාරිය. ඉහත දැනුම්දීම භාෂා ත්‍රිත්වයෙන්ම |The above notice in all three languages.
ඒ් අනුව, Related Gazzette: THE NATIONAL THOROUGHFARES ACT, No. 40 OF 2008 REGULATIONS made by the Minister of Transport, Highways and Urban Development under section 89(2)(C) of the National Thoroughfares Act, No. 40 of 2008 read with sections 13 and 14 of the aforesaid Act. (No. 2467/49 - WEDNESDAY, DECEMBER 17, 2025)මහජන නිවේදනය: මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග රක්ෂිතය තුළ අනවසර ප්‍රදර්ශන පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කිරීම.
දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරනු ලබන මහජනතාව වෙත දැනුම් දීමයි.
පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ මේ දක්වා පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය 2025 දෙසැම්බර් මස 22 වන දින දහවල් 12.00 සිට වෙනස් කිරීමට සැළසුම් කර ඇත.