1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරිය පනතින් මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස සංස්ථාගත කරන ලද මාර්ග සංවර්ධන අධිකාරිය, 1986 වසරේදී මහාමාර්ග දෙපාර්තමේන්තුවේ අනුප්‍රාප්තිකයා විය. එතැන් පටන්, මා.ස.අ. ජාතික මහාමාර්ග ජාලය නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා වගකීම දරයි. මහාමාර්ග අංශය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති එක් ආයතනයක් වනුයේ මාර්ග සංවර්ධන අධිකාරියයි.
2024 වර්ෂය අවසානය වන විට ජාතික මහාමාර්ග පද්ධතිය දිගු දුර මාර්ග (A පංතිය) සහ ප්‍රධාන මාර්ග (B පංතිය) කි.මී. 12,262.839 කින් ද, අධිවේගී මාර්ග කි.මී. 312.586 කින් ද, සහ පාලම් 4,322 කින් ද සමන්විත විය. ජාතික මහාමාර්ග ජාලය නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම සහ පවතින මාර්ග ජාලය වර්ධනය කිරිම පිණිස නව මහාමාර්ග, පාලම් සහ අධිවේගී මාර්ග සැලසුම් කිරීම, නිර්මාණය කිරීම හා ඉදි කිරීම සඳහා අධිකාරිය වගකිව යුතු වේ.
වැඩි විස්තර සදහා